(“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 10 කොටස)

ෙමම ලිපිය ලිවීම අාරම්භ කරන ලද්ෙද් පසුගිය අවුරුද්ෙද්දි වුවත් ෙනාවැලැක්විය හැකි ෙහ්තුවක් නිසා පල කිරීමට අපහසු වූ බව පවසමි. ඒනමුදු ඒය පවසන්ෙන් කණගාටුෙවන් ෙනාෙවයි. හද පිරී ඉතිරි යන සතුටකිනි. මා සමග ෙම් ලිපි ෙපළ ෙබදා හදා ෙසායුරු ෙසායුරියන් අතුරින් කිහිප ෙදෙනකු දැනටමත් ඒ පිළිබද ව දැනුවත් ව සිටින අතර ඒෙස් ලිපිය පළ කිරීමට ෙනාහැකි වූ ෙහ්තුව දැන ගැනීෙමන් ලබැදි ඔබ සැම සතුටට පත්වනු අැතැයි සිතමි. 2009 සැප්තැම්බර් මස 07 වන දින අප ෙදෙදනා අතරට පුංචි කුමාරිකාවක් ඒක් වීම නිසාෙවන් මා නිවාඩු ලබා සිටීම ඒයට ෙහ්තුවයි.

ලියා තිබූ ලිපියම ෙවනසක් ෙනාකර පළ කිරීමට සිතුෙවමි.

ෙමම ලිපි පංතිෙය් අවසාන ලිපිය ද ෙමයම වනු අැත.

 

 

අවසානයක් ෙනාමැති අවසානය

අවසාන ලිපිය පළ කිරිමෙන් පස්සේ මාස දෙකකට පසු ලිපියක් පළ කිරීමට අවස්ථාවක් ලදිමි. මෙම ලිපි පෙළ අවසාන නොකිරීමෙන් සිදුවන්නේ මා හට පවසන්නට අවැසි වු සියල්ල පවසා ගැනීමට නොහැකී වීමයි. එම ලිපි ගැන විමසමින් මා හට ඊ මේල් එවූ සහෝදර සහෝදරියන්ගේ ඉල්ලීම් ද නොසලකා හැරීමට මා හට නොහැකිය. එබැවින් අද දින අවසාන ලිපිය ලිවීමට සිතා ගත්තෙමි. (මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් නොහැකි වූයේ මන්දැයි පැවසීම පසුවට කල් තබමි)

සියලු බාධක මැද පසුගිය වසර උදා විය. ඒ සම්පුර්ණ කාලයම වැය වූයේ නව නිවසේ කටයුතු සඳහාය. නිවස යම්තමින් පදිංචිය සඳහා උචිත පරිදි සකසා ගැනීමට අප සපයා ගත් මුදල් ප්‍රමාණවත් විය. ඒ අතරතුර ඔහුගේ මව විටින් විට පවසා සිටියේ අවසාන තීරණය ගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි. එහෙත් මගේ පාර්ශවයෙන් ඇතිව තිබෙන තත්ත්වය නිසා ඒ පිළිබඳ කථා කරන්නටවත් මම බිය වීමි.

කෙසේ හෝ පසුගිය වසරේ ජූනි මස දිනකදී ඔහු නිවසේ නැති අවස්ථාවක් බලා ඔහුගේ මල්ලී මා හට ඇමතුමක් දී ඔවුන්ගේ අම්මාට මා සමඟ කථා කිරීමට අවශ්‍ය බව පැවසුවේය. ඒ අම්මා දුරකථනය අපේ අම්මාට දෙන මෙන් ඉල්ලා සිටි අතර බොහෝ වේලාවක් අදි මදි කරමින් සිට ඇගේ ඉල්ලීම ඉටු කළෙමි.

වසර 6ක් පුරාවට තිබුනු උභතෝකෝටික ප්‍රශ්නය ලස්සනට විසඳුන හැටි!

 අපේ අම්මා ඇය සමග සුහදව කථා කළාය. ඉන් අනතුරුව සිදු වූ සිද්ධිදාමය පසු වූ වසර 6 පුරාවට ම අප දෙදෙනා දුටු සිහිනය ඉටු කරලන්නක් විය. සියල්ල ඉතාමත් සුභදායක ෙලස සිදුවිය. හරියටම වසර 6ක් පුරාවට අවසානය තීරණය කරගත ෙනාහැකිව විකාශය වූ‍‍ ෙටලිනාට්‍යයක් ඒක් වරම අධ්‍යක්ෂවරයා විසින් සුඛාන්තයක් කරා ෙගන අාවක් වැනි විය. අදටත් හිතාගත ෙනාහැකි ෙලස අප දෙදෙනාට ඒක් වීමට වරම් උදාවිය. බුද්ධ ධර්මය ෙකෙරහිත් ෙදවියන් ෙකෙරහිත් තිෙබන්නා වූ විශ්වාසය අප හට පිහිට වූ බව තරෙය් විශ්වාස කරමු. 2008  .ෙදසැම්බර් මස 05 වන දින සවසක යුද්ධයක් ඒෙලසින් නිමා විය.

 

HAPPILY LIVED EVER AFTER !!!!!!!!!!!!!!!!!!!!!!!!

 

Our Wedding

Our Home Coming

 

7 Comments

  1. හරියටම වසර 6ක් පුරාවට අවසානය තීරණය කරගත ෙනාහැකිව විකාශය වූ‍‍ ෙටලිනාට්‍යයක් ඒක් වරම අධ්‍යක්ෂවරයා විසින් සුඛාන්තයක් කරා ෙගන අාවක් වැනි විය.

    අක්කා ලිපි පෙලේ අවසානයත් ඒ වගේ නොවැ…… හ්ම් කමක් නෑ අන්තිමට සතුටුදායක විදියිට ඉවර වුනා නෙවැ…. කොහොම වුනත් ප්‍රීතිමත් අනාගතයකට මෙන්න මගෙන් සුබපැතුම්

  2. කාලෙකට පස්සේ ආයේ දකින්න ලැබුනු එක ගැන හරිම සතුටුයි.. ඒ වගේම ඔයාලගේ පුංචි කුමාරිටයි ඔය දෙන්නටයි සුභ අළුත් අවුරුද්දක් ‍වගේම සතුට ආදරය පිරුණු සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මම.. :)

  3. අහෝ, මා කැමැත්තෙන්ම කියැවු ලිපි පෙළ හදිසියේ අවසන් වු හැටි!
    කම් නැත, කෙසේ හෝ කාර්්‍ය බහුලත්වය මැද හෝ කළ කාර්්‍යය අවසන් කිරිම ගැන ඔබට ස්තුතියි!

    අහෝ, එහෙනම් මේ දෙන්නයි එහෙනම්!

    ඔබ දෙපළටත් ඒ පුංචී සිඟිත්තීටත් සුභම සුභ අනාගතයකුත් නව වසරකුත් හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා!!!

  4. @ මලී
    ස්තුතියි නංගී

  5. @ බිංකු

    ස්තුතිය. දුක් ෙවන්න ඒපා මල්ලී ලගදීම නවතාවයකින් යුතුව නැවත ලියන්නයි බලාෙපාෙරාත්තුව

  6. @ චතුරංග

    ස්තුතියි මල්ලී

  7. සතුටුයි. සුභ අනාගතයක්

Leave a Reply