හා පැටියෝ මේ අහන්න – පුංචි සාදු කෙනෙක් වෙන්න
Posted in සදැස් නිසදැස් on 01/21/2010 12:31 am by randil
මෙහි සටහන් වන්නේ මෙම පිංතූරය දැකීමෙන් මගේ හිතේ මීට අවුරුදු 4කට පමණ පෙර පහල වූ අදහසක්. කවි පොත පෙරලන විට කිහිප වරක්ම බ්ලොග් එකේ පළ කරන්න හිතුනත්, අද තමයි අවස්ථාවක් උදා උනේ.
හා පැටියෝ එන්න යන්න
අපේ වෙහෙරේ නතර වෙන්න
බුදු සාදුට මල් පුදන්න
මතු සසරින් එතෙර වන්න
අනේ සාදු කොහොම එන්න ?
මගෙ අම්මා ගෙදර ඉන්න
බව දන්නවා බලා ඉන්න
හනික ඕනි ගෙදර යන්න
හා පැටියෝ මේ අහන්න
අපිත් එක්ක ඔයා එන්න
පුංචි සාදු කෙනෙක් වෙන්න
අම්මා ඒවි බණ අහන්න
අනේ සාදු කොහොම එන්න ?
ලෙය කිරිකර මටම දුන්න
අඳ අම්මට ගෙදර ඉන්න
ඉන්නේ මමයි පිහිට වෙන්න !!!

01/21/2010 at 2:19 am
හරිම සන්වේදීයි හරිම ලස්සයයි
01/21/2010 at 4:52 am
හරිම ලස්සනයි. අමිමා බලා ගන්න ඉන්නෙ අපි විතරක් වුනාම මැරෙන්න හිතුනාට එකත් බැනේ.