කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ ………………..
Posted in ජීවිතය මේ වගෙයි on 01/28/2010 02:47 am by randil2010 ජනවාරි මස 25 වෙනි දින පෙ.ව. 10 42ට යෙදුන සුභ මුහුර්තියෙන් අපේ දූ සිඟිත්තට ප්‍රථම වරට කාරබු පැළඳූ වගයි.
දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම්, දැරිය යුතු වගකීම් සම්භාරයක් දෙමව්පියන් අතේ රැඳී පවති. උපන් මොහොතේ පටන් නොව, උපදින්නට මාස 9කට පෙර පටන් නොව, ඊටත් පෙර සිට දෙමව්පියන් වශයෙන් කළයුතු දේ බොහොමයි. මුලින්ම සිතිය යුතු වන්නේ, අපට මේ අවස්ථාවේ දරුවකු හදා ගත හොත් ඒ දරුවාට දුකක් නොවන පරිදි ජීවත් කරවන්නට හැකියාවක් තිබේද? යන්න බව මගේ නම් අදහසයි. හැදෙනවාට හදනවා නොව හදන්නට ඕනාවට හදනා දරුවෝ බොහෝ විට වාසනාවන්ත වෙති. ඒ, මව්කුස පිළිසිඳ ගත් දිනයේ පටන් ම ඔවුන් මෙළොව එළිය දකිනතුරු අවශ්‍ය හැම දෙයක්ම සිදුවියයුතු අයුරින් ඉටු කිරීම පමණක් නොව උපන් පසුවද පහසුවෙන් ජීවත් වන්නට ඔවුනට අවශ්‍ය පරිසරය සැකසීමට මව්පියවරු නිරන්තරයෙන් උත්සුක වන බැවිනි.එසේ ම අපිඳු අපේ දූ මැණිකට අවශ්‍ය දේ සම්පාදනය කිරීමෙහි ලා නිරතුරු නිරතව සිටන බව පවසන්නේ හදපිරි සතුටකිනි.
ගැහැණු දරුවකුගේ කන් විදීමද දෙමව්පියන් විසින් කුඩා අවදියේදීම සිදු කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ සාම්ප්රදායයි. පසුකලෙක දී ඇයට අවශ්‍ය නම් කරාබු නොදමා විදින ලද කන් සිදුර වැසී යාමට ඉඩ හල හැක. එය අනාගතයට බාර කටයුත්තකි. දැනට අපේ යුතුකම සිරිතට අනුකූල ව කටයුතු කිරීමයි. එබැවින් අපි ඒ කටයුත්ත මේ ලිපිය ආරම්භයේ දක්වන ලද පරිද්දෙන් ඉෂ්ට කෙරුවෙමු.

මේ කන මේ ආකාරයෙන් නැවත දැකිය නොහැක.

- පැංචි දන්නේ නැහැ තව අඩ පැයකින් වෙන්න යන දේ

අම්මි, මොකෝ මේ ?

මට මතකයි මේ ආන්ටි. අදත් බෙයියා විදින්නද දන්නේ නැහැ. ආන්ටි මතක නැද්ද ගිය සතියෙනෙ බෙයියා විද්දේ. ඇයි ආයෙත් ??????????????

කන විදින වෙලේ .......................................... කඳුළු ගගේ පතුල බැලූ දූ ................................

අම්.. අම්.... අම්.... අම්.... අම්මා..............

ඩොත්ටර් අංකල් එක්ක මං තලාම තලායි ...................... තාත්තාඅම්මේ...

මම ඇඬුවේ නැහැ තාත්ති ......................

අද පිහිනනවා ................................................... සතුටු විලේ දාලා කරාබු ................................

01/28/2010 at 3:54 am
සුභ පැතුම් මගෙන්
01/28/2010 at 4:14 am
මටත් මතකයි අපේ නංගිගේ කනවිද්ද වේලාව අඩල අඩලා හොන්දටම අමාරැවුනා
01/28/2010 at 4:15 am
Hi Dear,
Best Wishes to ur daughter,
I have a son so missed this
01/28/2010 at 5:51 am
mage suba pathum yalu
01/28/2010 at 6:09 am
නියමයි…
දැන් පොඩි එකීට හරිම සතුටු ඇති නේද?
ඒත් රිදෙනවා ඇති…
වෙලාවට අපි පිරිමි උනේ..
හික්ස්…
/බිඟුවා…!
02/05/2010 at 4:36 am
අනේ එයාට රිදෙන්න ඇති.පව්
02/05/2010 at 4:58 am
magen suba pathum punchipatiyata
02/15/2010 at 5:28 am
niyamai akke.hari shokne
02/15/2010 at 5:54 am
අනේ නංගියට රිදෙන්න ඇති.පවි
02/17/2010 at 5:42 am
i wish you all the best