දිගු කල් දිනේවා අප ආයතනය !!!!!
Posted in උපහාර on 04/08/2009 05:58 am by randilඅද අපේ ආයතනයේ නිවාඩු දෙනවා 20 වෙනකම් අවුරුදු නිවාඩු !!!!
දන්නවාද ? මගේ යාළුවෝ (වෙන ආයතන වල) ගොඩක් අයට රස්සාවන් අහිමි වෙලා, සමහර අයට එහෙම වෙන්න ඔන්න මෙන්න වගේ පව් !
මේ සැරේ ජනවාරි මාසේ අපිටත් වැටුප් වර්ධක (එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කියනවා නම් Increments) ලැබුනේ නැහැ. ඒත් දන්නවාද ? අපිට බෝනස් ලැබුණා ඊයේ.
ඒක ගොඩාක් වටිනවා මේ වෙලාවේ හැටියට. ඇත්තටම අපිටත් වැඩ අඩුයි. ඒත් ඉහල කළමණාකාරීත්වය සේවක පක්ෂය ගැන බොහොම හොඳින් හිතනවා. කවදාවත් එක්කෙනෙක්වවත් අස් කරන්න නම් හිතන්නේ නැහැ. මීට පෙර සේවා දායකයකු විසින් හිග මුදල් ගෙවීම පැහැර හැරි අවස්ථාවකදී, (සේවා දායකයා තරු 5 හෝටල් හිමිකරුවෙක්) සේවක වැටුප් ගෙවා ඇත්තේ ඉහල කළමණාකාරීත්වයේ පෞද්ගලික ධනයෙන්. ඒ වගේම අපේ ආයතනයේ සේවක මහතුන් කීප දෙනෙකු සිය පළමු වැටුප ලැබීමට පෙර ම බෝනස් ලබා ඇති අය. (අම්මෝ හරි genius කට්ටියක් වෙන්න ඇති කියලා හිතුනද?) ඒ කොහොමද දන්නවද? දෙසැම්බර් මාසේ හෝ අප්රෙල් මාසේ ආයතනයට සම්බන්ධ වුනු අයටත් අනිත් අයට වගේම බෝනස් දෙන්න තරම් අපේ ඉහල කළමණාකාරීත්වය කාරුණිකයි. ඒ වගේම සියලුම සේවක සේවිකාවන් හට අවශ්‍ය සෑම විටකදී ම, එක පවුලක් යන හැගීමෙන් යුතුව ඉදිරිපත් වී, හැකි උපකාරය කිරීමට තරම් ඔවුන් කටයුතු කරනවා. සුළු සේවක මහතකුගේ බිරිඳ, පිළිකා රෝගයක් නිසා රෝගී ව සිටි අවස්ථාවේ සිට අවසාන මොහොත දක්වා සියළුම විය හියදම් දරන ලද්දේ ආයතනය විසින්.
කවදා හරි දවසක මේ මාස කිහිපයේ වැටුප් දෙන්න අමාරුයි, හැකි නම් ඉන්න අපහසු නම් යන්න කිව්වත් මම නම් යන්නේ නැහැ. මට හැකි අන්තිම මොහොත දක්වා ආයතනයට කළ හැකි උපරිම සේවය කිරීමයි මගේ බලාපොරොත්තුව !!!
