Posted in වර්ගීකරණය නොකළ on 02/08/2010 04:51 am by randil
ඉතින් ආයුබෝවන් !!! MYBLOGනි ගරු………..
මම මගේ බ්ලෝග් සටහන් වෙනත් තැනක ස්ථාපනය කරන්නට තීරණය කළෙමි. නව බ්ලොග් අඩවිය ලියාපදිංචිය සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට ඉල්ලුම් කෙරුවෙමි. යථා කාලයේදී සින්ඩිකේටරයට ඇතුලත් කෙරෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා.,
http://ranrandil.blogspot.com/
Posted in වර්ගීකරණය නොකළ on 05/04/2009 05:33 am by randil
මේ ටික දවසක හිට ලියන්න හිතාගෙන හිටපු එකක්. මලී ගේ පෝස්ට් එක http://abnormalminds.blogspot.com/2009/05/blog-post.html දැක්කට පස්සේ ලියන්නම ඕනේ කියලා හිතුනා. මලීට කියන්න තියෙන්නේ දෙන්න එයාට, අඹ, ගස් ලබු වගේ පළතුරු ටික දවසකින් බත්, බත් එක්ක පරිප්පු, වතුර ටිකක් දාලා පොගවලා ඉදි ආප්ප වගේ දේවල්.
මාර්තු මාසේ අන්තිම බදාදා අපේ අයියාගේ යාළුවෙක් කතා කරලා කිව්වා ගහකින් වැටුනු ගිරා පැටියෙක් ඉන්නවා ඉක්මනට එන්න කියලා. අයියටත් ඉතින් සත්තු කිව්වොත් වෙන දෙයක් නැහැනේ. එයා ඒ ගමන්ම ගිහින් අරන් ආවා. අපොයි ගදේ ඉන්න බැරි උනා. කූඩුවෙන් වැටුනු ගමන් නිසා ඒ වෙන කොටත් ඇග පුරාම අනිත් අයියලා මල්ලිලා නංගිලා අක්කලාගේ ජරාව. බිමින් තිබ්බ ගමන් බඩ ගාගෙන ඇදිලා මුල්ලකට හරි අපි ගාවට හරි හරිම බයකින් ඇදිලා ආව එක තමයි මෙයා කලේ. ඒ වෙනකොට රෑ 7 ට විතර ඇති. අයියා ත්‍රී පෝෂ ටිකක් හදලා එයාට කැව්වා. මට මතක විදියට එයා ටිකකින්ම ඒකට පුරැදු වුණා. පස්සේ සපත්තු ගෙනාපු පෙට්ටියක් තිබිලා ඒකට රෙද්දක් දාලා එයාව ඒකෙන් තිබ්බා. පහු වෙනිදා අම්මාට බාර දීලා අපි වැඩට ආවා. හවස යන ගමක් අයියා කූඩුවක් අරං ගියා. අනේ අපේ පුංචි ගිරවා හරියට එයාට ගෙයක් ලැබුනා වගේ කූඩුවට ගිහින් දනි පනි ගාලා දැල දිගේ ඇවිදින්න උනා. මුලදි මුලදි අමාරුවෙන් තමයි එයා ගියේ. පස්සේ හුරු උනා. අයියා හරහට ලී කෑල්ලක් දැම්මම එයාම උත්සහ කරලා කරලා ඒකට නැග ගත්තා. හරිම පණ්ඩිතයෙක් තමයි. හැබැයි අපි එයාව දවස් දෙකක් වගේ තමයි එහෙම කූඩුවේ තිබ්බේ රෑට. අයියා ඉස්සර හදපු රුක් කලාවක් තියෙනවා. ඊට පස්සේ අපි රෑට අපේ චූටිව එකෙන් තියන්න පටන් ගත්තා. ඉතින් ඊට පසසේ එයා රෑට එකේ ඉන්නවා දවල්ට කූඩුවේ ඉන්නවා. අවුරුදු නිවාඩුවට දවසම එයා කූඩුවෙන් එලියේ තමයි හිටියේ. ආ කියන්න බැරි උනානේ. එයා ඇවිත් සති එකහමාරෙන් ඔන්න එයාගේ තව සහෝදරයෙක්ව අයියාගේ යාළුවා ගෙනත් දීලා අපි ගෙදර යද්දී. ඉතින් මොකද කරන්නේ? දෙන්නා එකට තියලා බැලුවා. අපේ පුංචි හදයා දුන්නේ නැද්ද තමන්ගේ සහෝදරයාට හොද පාරක්. ඉතින් මොකද කරන්නේ අලුත් එක්කෙනා කූඩුවෙම තියන්න තීරණය කලා. එයා ලොකු උනාම අපි නිදහස් කරන්නයි ඉන්නේ. චූටිට නම් යන්න බෑ කියලා තමයි කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි පුදුම වැඩේ උනේ. වෙනදා නැති ගිරව් එන්න ගත්තා අපේ ගෙවල් පැත්තේ. ඔය අතරින් එක ලොකු ලස්සන මාල ගිරවෙක් ඇවිත් කූඩුවෙ ඉන්න පැටියාට කවනවා. චූටිත් ඒ ගිරවාගේ හඩට ප්‍රතිචාර පෙන්වනවා. කාමරේ ජනේලේ ගාවට ඇවිත් චූටි දිහා බලන්නත් ගිරා ලොක්කා අමතක කෙරුවේ නැහැ. අපේ ගෙදර ඉන්නවා කොකටියල් ගිරවෙකුත්. පස්සේ අපි කූඩුවේ ඉන්න පැටියාව කොකටියල් ගිරවාත් එක්ක එක කූඩුවට දැම්මා තනියෙන් ඉන්න නිසා. මාල ගිරවා තාමත් ඇවිත් එයාට කවනවා. හරි ආසයි බලන් ඉන්න.
මේ අතරේ අපේ චූටි ගොඩක් හුරතලේට හැදෙනවා. මාත් එක්ක ගොඩාක් යාළුයි. කතා කලාම ඇයි කියලා අහනවා වගේ ශබ්දයක් පිට කරනවා. අර ලීයෙන් තියලා ගියහම අපි අයේ එනකම් තිබ්බ තැනටම වෙලා තටු පිහිද පිහදා ඉන්නවා. හැබැයි අපි ආවට පස්සේ ලීයෙන් බැහැලා ඇවිදිනවා. ඇදට පියාඹලා එනවා. අයියගෙයි මගෙයි පිගානෙන් තමයි එයාට කන්න ඕනේ. කවනවාට කැමැත්තක් නැහැ වැඩිය. උරහිසට නැගලා කරාබු හපන්න මාල හපන්න තමයි වැඩියේ කැමති. කොහොම හරි ගිය සෙනසුරාදා ඕනෙම නැති වැඩක් උනා. මම චූටිව නෑව්වා. අම්මාට දීලා මම නාලා ගෙට එන ගමන් ඇහුවා කෝ චූටි කියලා. අම්මා කිව්වා කාමරේ ඉන්නවා කියලා. එතකොටම අමුතු කෑ ගැහිල්ලකුත් ඇහුනා. අපි සේරම දුවගෙන ගියා කාමරේට. අපේ ටීනා නැමති බැල්ල ඒ වෙනකම්ම චූටි නැමති අමුත්තා දෙස වපරැසෙන් බලාගෙන හිටියේ. අල්ලගන්නම්කෝ කියලා වගේ. චූටිව හපලා නැහැ. ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා ඒ ටිකට. අනේ මගේ චූටියාට දැන් එක කකුලක ප්‍රශ්නයක්. ඒක නිසා කෙලින් හිට ගන්න බැහැ. බඩ බිම තියා ගෙන තමයි ඉන්නේ. අපි බෙහෙතුත් ගත්තා. විටමින් වගයක් දුන්නා.
ඊයේ හවස අයියා කිව්වා අපි චූටිව කූඩුවට දාලා එලියෙන් තියලා බලමු කියලා. හිතුවා වගේම මාල ගිරවා ආවා චූටිව බලන්න. අද උදේ එයා ඇවිත් චූටිටත් කැව්වා. මට හිතෙන්නේ ම මේ නම් බෝසත් ගිරවෙක් කියලයි. මට මේ සිද්ධීන් දකිද්දි අපේ යාළුවෝ ටික තමයි මතක් වෙන්නේ. මොනවා කරන්නද? කැමරාව කැඩිලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න චූටිට කරන්න පුළුවන් බෙහෙතක්. බොහොම පිං එහෙම කියන්න පුළුවන් නම්.