නිදහස් සිතුවිලි

MYBLOG වෙතින් BLOGGER වෙතට යන්නෙමි …..
ඉතින් ආයුබෝවන් !!! MYBLOGනි ගරු………..

මම මගේ බ්ලෝග් සටහන් වෙනත් තැනක ස්ථාපනය කරන්නට තීරණය කළෙමි. නව බ්ලොග් අඩවිය ලියාපදිංචිය සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට ඉල්ලුම්  කෙරුවෙමි. යථා කාලයේදී සින්ඩිකේටරයට ඇතුලත් කෙරෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා.,

http://ranrandil.blogspot.com/

26ට දෙන්නම් කිව්වාම 27.50ට ගත්තෙමු ……..
මම දැන් කියන්න යන දේ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම ඒ ගැන සටහනක් තබන්නම මගේ හිත මට බල කලත් ඒ සඳහා ඉසිඹුවක් ලද්දේ අද දිනය.

පසු ගිය දිනෙක අප දෙදෙනා වැඩ නිමවා ගෙදර යන අතරතුර පොල් ගෙඩි කිහිපයක් ගැනීම සඳහා පාර අයිනේ පොල් ගොඩ කිහිපයක් තබාගෙන විකුණමින් සිටි අම්මා කෙනෙකු ආසන්නයේ නැවතුනෙමු.

“පොල් කීයද?”

“මේවා 25යි මේවා 27යි මේවා 32යි”

ඇය පොල් ගොඩ දක්වමින් පැවසුවාය. 27යි කියූ පොල් අපට සෑහුනු බැවින් ඒවා ගන්න සිතා නැවත ඇය දෙස බැලූවිට,

“26 ගානේ දෙන්නම් ගන්න මහත්තයා” ඇය පැවසුවේ අප හෙට්ටු කරන්නත් පෙරදීය. සමහර විට කෙසේ හෝ පොල් ගෙඩියක් විකුණා ගැනීම ඇයගේ අභිලාශය වන්නට ඇත.

“එහෙනම් 4ක් දෙන්න….. රන්දි රු.104ක් දෙන්න”

ඇය පොල් ගෙඩි 4ක් මල්ලකට දමන අතර මම මුදල් ගෙවීමට සූදානම් වීමි. රු. 100ක් තිබූ අතර මාරු කාසි 4ක් නොවිනි. එබැවින් රු. 110ක් ඇයට දීමි. ඇය ඒ මුදල අතට අරං මුදල් පෙට්ටිය පෙරලන්නට වූයේ රු. 6ක් සොයා ගැනීම සඳහාය. සමහරවිට ඒ රඟපෑමක් ද විය හැක.  එහෙත් “ඉතිරි ඕනේ නැහැ, අපි යනවා” යි කියමින් අප පිටත් වීමට සූදානම් වන විට ඇය මුදල් දීමට අත දිගු කලත් එය නොගෙන අපි ආවෙමු.

රු. 6න් අපට රට ඇල්ලිය හැකිද? එහෙත් ඒ රු. 6 ඇයට යම් තරමකින් හෝ උපකාරකයක් විය හැක. ටකරන් කැබලි කිහිපයකින් සෙවිලි කරන ලද ඒ මඩුව තුලට වී උදේ ඉඳන් රෑ වනතුරු ඇය ජීවිතය හා හැපෙන්නේ තමන් ඇතුළු කිහිප දෙනෙකුගේ කුසගිණි නිවා ගන්නට විය හැක. සමහරවිට ඒ කිහිපදෙනා ඇතුලත රෝගී කෙනෙකුද සිටිනවා වියහැක. දහඩිය දමා, හවස් වනවිට ඒවා වියළි, තෙල් පාට වුනු මුහුනෙන් යුතුව සිටි ඒ අම්මා  සිහිවනවිට මට හැගෙන්නේ ඇය නියෝජනය කරන්නේ අපේ රටේ බහුතරය බවයි. ඒ බහුතරය තලාපෙලා පාගා දමන්නේ ද ඔවුනට වඩා මද පමණකින් යහතින් සිටින අපේ පංතියේ අයම බව සිහිවනවිට උපදින්නේ කණගාටුවකි.

මම එහෙම කියන්නේ ඇයි? ……………………..

මම මෙහිදී වෙළඳනාම භාවිතා නොකරමි. මම එසේ සඳහන් නොකලාට ඔබ සියලු දෙනා ඒ පිළිබඳ දැනුවත් බව දනිමි.

මසා නිම කරන ලද ඇඳුම් විකිණීමට තබා ඇති සුපිරි වෙළඳ සැල් ගැන ඔබ මා දන්නෙමු. සමහර අවස්ථා වලදී දුටු පමණින් ලස්සනයි කියා සිතුනු ඇඳුමක්, රු 500ක් පමණ වටී කියා සිතුනද, සටහන් කල මිල රු 650 වුවත් මිලදී ගැනීමට අපි පසුබට වන්නෙමුද? එම සුපිරි වෙළඳ සැලේ සිටින සේවක සේවිකාවන් සමඟ හෙට්ටු කරන්නට යන්නෙමුද? නැත. නිෂ්ශබ්දව ගිණි ගණන් දී නොවටිනා දේවල් පවා මිලදී ගෙන එන්නෙමු. සමහරවිට ඒ ඇඳුම් උඩටත් නැති පහලටත් නැති විච්චූරණය. ඒත් මොකද? ගත්තේ අහවල් තැනින්නේ !!!! ලේටස්ට් පැටන් !!!!!!

ඒත් වැරදිලාවත් පදික වෙළෙන්දෙක්ගෙන් ලේන්සුවක් ගන්න ගියා නම් ?…………….

“කීයද?”

“එකක් 15යි”

“අම්මෝ මාර ගණන්නේ”

“දෙකක් ගත්තොත් 25 ට දෙන්නම්”

“10ක් 100ට ගෙනල්ලා 2ක් 25ට දෙන්න !!. ගිණි කනවා. ඕවා තමුසෙලට දිරවනවද?”

වෙළෙන්දා අසරණ පුද්ගලයකු නම් තලා පෙලා දාන්නේ ඒ අයුරිනි.

රූපවාහිනියේ උදේ ඉඳන් රෑ වනතුරු ‍”තොග අවසන් වනතුරු රු 195යි” කිය කියා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන එක්තරා පිටි වර්ගයක්, රු 205ක් දී ගෙදර යන ගමන් අපි ගෙන ගොස් තිබූ බව දැන ගත්තේ අම්මා පැවසූ විටදීය.

ගමේ කඩේ මුදලාලි එහෙම කලා නම් ………………………..

මම මෙයින් කියන්නට බලාපොරොත්තු වන්නේ හොරකමට ඉඩ දියයුතුයි කියා නොවන බව පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් මානුෂිකව සිතා බැලිය හැකි සහ එසේ සිතා බැලිය යුතු අවස්ථාවේදී අප එසේ නොකල යුත්තේ මන්ද?

ත්‍රී රෝද රථ රියදුරෙකු රු 10ක් වැඩිපුර ඉල්ලුවහොත් දෙස් දොවොල් තියා සමහරවිට අම්මා අප්පා පවා සිහිකරන මිනිස්සු කැබ් සර්විස් වලට ඉල්ලන ගණන් දී ගමන් යෙති.

මට දැනෙන අයුරින් පදික වෙළෙඳුන් වැනි මිනිසුන් හට හෙට්ටු කරන්නට ම ගානක් තබා මිල කියන්නට පුරුදු කර ඇත්තේ අපමය. ගණන සාධාරණයි කියා සිතුනද ඔවුන් සමග හෙට්ටු කරන්නට බොහෝ දෙන පුරුදුව සිටිති. උගුර ලේ රහ වනතුරු කෑ ගසා ඔවුන් ඉල්ලන්නේ ජීවිතය නොවේද? බොහෝ අවස්ථාවන් වලදී හොර බොරු කරන අයද සිටිති. එහෙත් එහිදී අප කල යුත්තේ විවෘත දෑසින්ද මනසින්ද ක්‍රියාකොට අපට අවශ්‍යදේ මිලදී ගැනීමය. ‘කැඩුනු බිඳුනු භාණ්ඩ ඇස වසා දීමට පදික වෙළෙඳුන් දක්ෂයෝය’ වැනි අදහසක් සමාජය තුල පවතී. මගේ පුද්ගලික මතය සහ අත්දැකීම නම් ඒ සඳහා සුපිරි වෙළෙන්දෝ ද දක්ෂයින් බවයි.

අනෙක් අතට රුපියල් මිලියන, බිලියන සහ ට්‍රිලියන වලින් සිදුවන වංචා, රටක් සහ රට වැසියන් වශයෙන් දෙනෙත් වසා බලා සිටි අපි, දෙසවන් වසා අසා සිටි අපි, උපරිමය රුපියල් 100කට යටත්ව ඉල්ලා සිටින එදා වේල වෙනුවෙන් ඒ තරම් හෙට්ටු කලයුතු වන්නේද?

පවතින ආර්ථිකයත් සමග අපටද යම් තරමක ආර්ථික අපහසුතා පවතින බව නොරහසකි. එහෙත් අපටත් වඩා අන්ත අසරණභාවයකින් යුතුව ජීවත් වන මිනිසුන් කෙරෙහි සාධාරණ අයුරකින් කටයුතු කිරීමට අපට හැකිනම් එය සාංඝික දානයක් දුන්නාට ද වඩා පිනක් වනු ඇත.

කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ ………………..
2010 ජනවාරි මස 25 වෙනි දින පෙ.ව.  10 42ට යෙදුන සුභ මුහුර්තියෙන් අපේ දූ සිඟිත්තට ප්‍රථම වරට කාරබු පැළඳූ වගයි.

දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම්, දැරිය යුතු වගකීම් සම්භාරයක් දෙමව්පියන් අතේ රැඳී පවති. උපන් මොහොතේ පටන් නොව, උපදින්නට මාස 9කට පෙර පටන් නොව, ඊටත් පෙර සිට දෙමව්පියන් වශයෙන් කළයුතු දේ බොහොමයි. මුලින්ම සිතිය යුතු වන්නේ, අපට මේ අවස්ථාවේ දරුවකු හදා ගත හොත් ඒ දරුවාට දුකක් නොවන පරිදි ජීවත් කරවන්නට හැකියාවක් තිබේද? යන්න බව මගේ නම් අදහසයි. හැදෙනවාට හදනවා නොව හදන්නට ඕනාවට හදනා දරුවෝ බොහෝ විට වාසනාවන්ත වෙති. ඒ, මව්කුස පිළිසිඳ ගත් දිනයේ පටන් ම ඔවුන් මෙළොව එළිය දකිනතුරු අවශ්‍ය හැම දෙයක්ම සිදුවියයුතු අයුරින් ඉටු කිරීම පමණක් නොව උපන් පසුවද පහසුවෙන් ජීවත් වන්නට ඔවුනට අවශ්‍ය පරිසරය සැකසීමට මව්පියවරු නිරන්තරයෙන් උත්සුක වන බැවිනි.එසේ ම අපිඳු අපේ දූ මැණිකට අවශ්‍ය දේ සම්පාදනය කිරීමෙහි ලා නිරතුරු නිරතව සිටන බව පවසන්නේ හදපිරි සතුටකිනි.

ගැහැණු දරුවකුගේ කන් විදීමද දෙමව්පියන් විසින් කුඩා අවදියේදීම සිදු කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ සාම්ප්‍රදායයි. පසුකලෙක දී ඇයට අවශ්‍ය නම් කරාබු ‍නොදමා විදින ලද කන් සිදුර වැසී යාමට ඉඩ හල හැක. එය අනාගතයට බාර කටයුත්තකි. දැනට අපේ යුතුකම සිරිතට අනුකූල ව කටයුතු කිරීමයි. එබැවින් අපි ඒ කටයුත්ත මේ ලිපිය ආරම්භයේ දක්වන ලද පරිද්දෙන් ඉෂ්ට කෙරුවෙමු.

මේ කන මේ ආකාරයෙන් නැවත දැකිය නොහැක.

පැංචි දන්නේ නැහැ තව අඩ පැයකින් වෙන්න යන දේ

අම්මි, මොකෝ මේ ?

මට මතකයි මේ ආන්ටි. අදත් බෙයියා විදින්නද දන්නේ නැහැ. ආන්ටි මතක නැද්ද ගිය සතියෙනෙ බෙයියා විද්දේ. ඇයි ආයෙත් ??????????????

කන විදින වෙලේ .......................................... කඳුළු ගගේ පතුල බැලූ දූ ................................

අම්.. අම්.... අම්.... අම්.... අම්මා..............

ඩොත්ටර් අංකල් එක්ක මං තලාම තලායි ...................... තාත්තාඅම්මේ...

මම ඇඬුවේ නැහැ තාත්ති ......................

අද පිහිනනවා ................................................... සතුටු විලේ දාලා කරාබු ................................

දිනන්නේද, පරදින්නේද වීරයෙකි ………………….
මට අද යෙහෙළියක එවා තිබූ ඊ මේලයක් දුටු විට, මෙතෙක් දවසක්, හෙට පැවැත්වෙන දේ ගැන කථා නොකර සිටින්නට මටම වී තිබුණු පොරොන්දුව මදකට පසෙකින් තබන්නට හිතුනා. ඒ මේලයෙන් එවා තිබුණු පිංතූරය ඔබ සැමටම දැක ගැනීමට මෙලෙසින් මගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරමි.

අම්මෝ…….. සීතලයි…………… සීතල හිතටද? ගතටද?
ඒ කාලේ …………………………………..

ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ ‍පොඩි පංති වල ඉද්දී, උදේට අවදි කරවා ගන්න අම්මාට කොච්චර නම් අමාරුද?

අම්මා එනවා ඇඳ ලඟට,

“ලොකු දුව නැගිටින්න. පරක්කු වෙනවා.

මධූ……… දිනූ……… නැගිටින්න. අනේ අනේ ගෑනු ළමයි……… ඔහොම නිදා ගත්තොත් හොඳට හිටි”

එතකොට අපි…………….. මොන නැගිටිනවද? අම්මෝ සීතලයි කියලා අනිත් පැත්ත හැරිලා තවදුරටත් නිදිය ගත්ත වාර ගණන තමයි වැඩි.

එතකොට අම්මා………………. ඇයි අම්මාට සීතල නැද්ද? නැත්නම් අම්මාට සීතල දැනෙන්නේ නැද්ද? නැත්නම් වෙන මොකක් හරිද?

මොන තරම් සීතල වුනත් අම්මාගේ අතේ වළලු උදේ පාන්දර 4 ඉඳන් හඬ නගන්න පටන් ගන්න එකනම් රීතියක් වගෙයි. පොල් බිඳිනවා. පොල් ගානවා. එළවළු කපනවා, ඒ අතරේ ඇඳ ලඟටත් දුවගෙන එනවා.

“නැගිටපල්ලා. නැගිටපල්ලා. වතුර එකක් ගෙනල්ලා නාවන්න කලින්”

ඒ පාර නම් එනපොට හොඳ නැත. අත් දෙකත් ගුලි කරගෙන, වැනි වැනි තුන්දෙනාම යනවා කුස්සියට. කුස්සියට කිව්වාට හරියටම කියනවා නම් දර ලිප ලඟට. ගිහින් අනේ අර අගේට හෝස් ගාලා පත්තුවෙන ලිපට දර ඇතුල් කර කර පිඹිනවා.

මොකද? අම්මාට ආදරේට උදව් කරන්න හිතාගෙනද?

අනේ නැහැ. පැංචියෝ තුන්දෙනෙක් පෙළට ඉඳන් ගිණි තපිනවා. ගිණි තැප තැප නිදි කිරනවා. අම්මාගේ වදන් බලය හමුවේ ගිණි තැපිල්ලත් නිදි කිරිල්ලත් කිරීම අපහසුම වන අවස්ථාවේ දී තමයි ඉස්කෝලේ යන්න සූදානම් වෙන්න හිතාගෙන එතැනින් ඉවත් වෙන්නේ.

පස්සේ කාලේ නම් අම්මා අවදි වෙන වෙලාවටම නැතත් අවදි වෙලා පොල් ගාන්න, තේ හදන්න එහෙම අපි පුරුදු වුනා. ඒ කොහොම වුනත් “අම්මෝ සීතලයි” කියන සිතුවිල්ලෙන් නම් මිදුනේ නැහැ. (අනෙක් අතට වෙන අයට දැනෙන ප්‍රමාණයට වඩා මට සීතල දැනෙන ප්‍රමාණයේ වැඩි ගතියකුත් නොතිබුනාම නොවෙයි. යාන්තම් සීතල වුනත් ඒ කාලේ මගේ දත් ටික කට කට ගාලා සද්ද කරන්න එ හොඳට ම ප්‍රමාණවත්.)

මේ කාලේ …………………………………..

දැන් මම………………….. අම්මා කෙනෙක්.

අපේ අම්මා වගේම, වැඩට යන අම්මා කෙනෙක්.

පුංචි පැංචියෙක්, එයාගේ තාත්තාඅම්මා ලඟ තියලා, කඳුළු හංගා ගෙන වැඩට යන අම්මා කෙනෙක්.

ඒ විතරක් නෙමෙයි, ඒ පුංචි පැංචි හැරිලා පෙන්නන පෙන්නන පැත්තට ඇවිදින, ඒ පුංචි පැංචිට කවන පොවන, ඒ පුංචි පැංචිව නාවන රැක බලා ගන්න, ඒ සඳහා මුළු දවසම කැප කරන, ආදරණීය තාත්තාඅම්මාගේ ලේලිත් මමයි.

ඉතිං………………. ඉස්සර නම් ඉව්වේ නැත්නම් කෑවා කඩෙන්.

ඒත් දැන් එහෙම පුළුවන්ද?

උඩ ඡේදයේ විස්තර කරන ලද දේවල් වල නිරත වෙලා මුළු දවසම ගත කරන තාත්තාඅම්මා ඇතුළු එදිනට නිවසේ සිටින සියලු දෙනාම කෑවාද, නොකෑවාද, ඒ ගැන ඇහුවාම කෑවා කෑවා කිව්වාට ඇත්තටම කෑවාද යන්න නොදන්නා අවිනිශ්චිතතාවකින් දවස ගෙවන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි මාස සීතල බව පිළිගත් සම්මතයක්නේ. අපේ පුංචි පැංචිගේ තාත්තාත් හැමදාම උදේට ඒ බව පෙන්වා දෙයි. “අනේ රන්දි අද උයන්න ඕනේ නැහැ. තව ටිකක් නිදා ගන්න. අම්මෝ මාර සීතලක්නේ.”

ඇත්තටම ඔය කියන තරම් සීතලද? ……………. නැහැ, මං හිතන්නේ නැහැ.

ඇත්තටම මං හිතන්නේ නැද්ද? මට දැනෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද?

“තාත්ති ඔයා බබා ළඟින් දොයියන්න. මම යනවා පහළට. උයන්න ඕනිනේ.” කියමින් මම ඇ‍දෙන් නැගිට ගමි.

මම යමි. උයමි. තේ හදමි.

බබා නැගිට හඬනවිට නැවතත් උඩට එමි. කිරි දෙමි. නලවමි. තාත්ති අතට දී නැවතත් යමි.

ගොස් ඉතිරිය සම්පූර්ණ කරමි.

ඒ අතරතුර පුංච් පැංචිගේ තාත්තාඅම්මා පැමිණෙයි. වසර 30කට ආසන්න කාලයක් දරු තිදෙනෙකුගේ, සැමියාගේ වැඩ කටයුතු නොපිරිහෙලා කරපු ඒ අම්මාත් එන්නේ, “හරි සීතලයි නේද?” අසමිනි.

මම අසමි. “සීතලයි ?. අනේ ඇත්තටම මට එච්චර සීතලක් දැනෙන්නේ නැහැනේ අම්මා.”

අම්මා කියයි. “එහෙම තමයි අම්මලා වුනාම. ඔයා සීතලයි කිය කියා හිටියා නම් දුවේ ඔයාට ඔය වැඩ කරන්න බැරි වෙනවානේ.”

ඔන්න මම මේ ලිපියේ තැන් දෙකක දී මතුකල ප්‍රශ්න දෙක නැවතත් සටහන් කරන්නයි යන්නේ.

“එතකොට අම්මා………………. ඇයි අම්මාට සීතල නැද්ද? නැත්නම් අම්මාට සීතල දැනෙන්නේ නැද්ද? නැත්නම් වෙන මොකක් හරිද?”

“ඇත්තටම මං හිතන්නේ නැද්ද? මට දැනෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද?”

අම්මා යන පදවිය තුලදී ගැහැණියක කොතරම් වෙනස් වෙනවාද යත් වෙනස් වී ඇති බව පෙනුනත්, ඒ වෙනස්වීම සිදු වූයේ කොයි වේලේදැයි අනිත් අයට කෙසේ වෙතත් ඇයටවත් වටහා ගත නොහැකි තරම්ය.

හා පැටියෝ මේ අහන්න – පුංචි සාදු කෙනෙක් වෙන්න
මෙහි සටහන් වන්නේ මෙම පිංතූරය දැකීමෙන් මගේ හිතේ මීට අවුරුදු 4කට පමණ පෙර පහල වූ අදහසක්. කවි පොත පෙරලන විට කිහිප වරක්ම බ්ලොග් එකේ පළ කරන්න හිතුනත්, අද තමයි අවස්ථාවක් උදා උනේ.

හා පැටියෝ එන්න යන්න

අපේ වෙහෙරේ නතර   වෙන්න

බුදු සාදුට මල්  පුදන්න

මතු සසරින් එතෙර වන්න

අනේ සාදු කොහොම එන්න ?

මගෙ අම්මා ගෙදර ඉන්න

බව දන්නවා බලා ඉන්න

හනික ඕනි ගෙදර යන්න

හා පැටියෝ මේ අහන්න

අපිත් එක්ක ඔයා එන්න

පුංචි සාදු කෙනෙක් වෙන්න

අම්මා ඒවි බණ අහන්න

අනේ සාදු කොහොම එන්න ?

ලෙය කිරිකර මටම දුන්න

අඳ අම්මට ගෙදර ඉන්න

ඉන්නේ මමයි පිහිට වෙන්න !!!

මීට පෙර මේවායේ තේරුම මෙහෙමයි කියලා හිතිලා තිබෙනවාද?
මගේ මිතුරියක් උදේ පාන්දර ම ඊ මේලයක් එවා තිබුනි. එහි අන්තර්ගතය ඉංග්‍රීසි වුවත් අපේ බ්ලොග් මිතුරු මිතුරියන් එයින් යම්කිසි අදහසක් ගනී කියා සිතූ නිසා පළ කරන්නට සිතුවෙමි.

So long I never realize I don’t know the real

Meaning of family……….

Here Is The Answer ……….. FAMILY =

(F)ather

(A)nd

(M)other

(I)

(L)ove

(Y)ou

WHY does a man want to have a WIFE?

Because:

(W)ashing

(I)roning

(F)ood

(E)ntertainment

WHY does a woman want to have a HUSBAND?

Because:

(H)ousing

(U)nderstanding

(S)haring

(B)uying

(A)nd

(N)ever

(D)emanding

Do you know that a simple “HELLO” can be a sweet one?

Especially from your love one. (I mean not only from the boyfriend/girlfriend).

The word HELLO means :

(H)ow are you?

(E)verything all right?

(L)ike to hear from you

(L)ove to see you soon!

(O)bviously, I miss you…

(“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 10 කොටස)
ෙමම ලිපිය ලිවීම අාරම්භ කරන ලද්ෙද් පසුගිය අවුරුද්ෙද්දි වුවත් ෙනාවැලැක්විය හැකි ෙහ්තුවක් නිසා පල කිරීමට අපහසු වූ බව පවසමි. ඒනමුදු ඒය පවසන්ෙන් කණගාටුෙවන් ෙනාෙවයි. හද පිරී ඉතිරි යන සතුටකිනි. මා සමග ෙම් ලිපි ෙපළ ෙබදා හදා ෙසායුරු ෙසායුරියන් අතුරින් කිහිප ෙදෙනකු දැනටමත් ඒ පිළිබද ව දැනුවත් ව සිටින අතර ඒෙස් ලිපිය පළ කිරීමට ෙනාහැකි වූ ෙහ්තුව දැන ගැනීෙමන් ලබැදි ඔබ සැම සතුටට පත්වනු අැතැයි සිතමි. 2009 සැප්තැම්බර් මස 07 වන දින අප ෙදෙදනා අතරට පුංචි කුමාරිකාවක් ඒක් වීම නිසාෙවන් මා නිවාඩු ලබා සිටීම ඒයට ෙහ්තුවයි.

ලියා තිබූ ලිපියම ෙවනසක් ෙනාකර පළ කිරීමට සිතුෙවමි.

ෙමම ලිපි පංතිෙය් අවසාන ලිපිය ද ෙමයම වනු අැත.

අවසානයක් ෙනාමැති අවසානය

අවසාන ලිපිය පළ කිරිමෙන් පස්සේ මාස දෙකකට පසු ලිපියක් පළ කිරීමට අවස්ථාවක් ලදිමි. මෙම ලිපි පෙළ අවසාන නොකිරීමෙන් සිදුවන්නේ මා හට පවසන්නට අවැසි වු සියල්ල පවසා ගැනීමට නොහැකී වීමයි. එම ලිපි ගැන විමසමින් මා හට ඊ මේල් එවූ සහෝදර සහෝදරියන්ගේ ඉල්ලීම් ද නොසලකා හැරීමට මා හට නොහැකිය. එබැවින් අද දින අවසාන ලිපිය ලිවීමට සිතා ගත්තෙමි. (මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් නොහැකි වූයේ මන්දැයි පැවසීම පසුවට කල් තබමි)

සියලු බාධක මැද පසුගිය වසර උදා විය. ඒ සම්පුර්ණ කාලයම වැය වූයේ නව නිවසේ කටයුතු සඳහාය. නිවස යම්තමින් පදිංචිය සඳහා උචිත පරිදි සකසා ගැනීමට අප සපයා ගත් මුදල් ප්‍රමාණවත් විය. ඒ අතරතුර ඔහුගේ මව විටින් විට පවසා සිටියේ අවසාන තීරණය ගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි. එහෙත් මගේ පාර්ශවයෙන් ඇතිව තිබෙන තත්ත්වය නිසා ඒ පිළිබඳ කථා කරන්නටවත් මම බිය වීමි.

කෙසේ හෝ පසුගිය වසරේ ජූනි මස දිනකදී ඔහු නිවසේ නැති අවස්ථාවක් බලා ඔහුගේ මල්ලී මා හට ඇමතුමක් දී ඔවුන්ගේ අම්මාට මා සමඟ කථා කිරීමට අවශ්‍ය බව පැවසුවේය. ඒ අම්මා දුරකථනය අපේ අම්මාට දෙන මෙන් ඉල්ලා සිටි අතර බොහෝ වේලාවක් අදි මදි කරමින් සිට ඇගේ ඉල්ලීම ඉටු කළෙමි.

වසර 6ක් පුරාවට තිබුනු උභතෝකෝටික ප්‍රශ්නය ලස්සනට විසඳුන හැටි!

අපේ අම්මා ඇය සමග සුහදව කථා කළාය. ඉන් අනතුරුව සිදු වූ සිද්ධිදාමය පසු වූ වසර 6 පුරාවට ම අප දෙදෙනා දුටු සිහිනය ඉටු කරලන්නක් විය. සියල්ල ඉතාමත් සුභදායක ෙලස සිදුවිය. හරියටම වසර 6ක් පුරාවට අවසානය තීරණය කරගත ෙනාහැකිව විකාශය වූ‍‍ ෙටලිනාට්‍යයක් ඒක් වරම අධ්‍යක්ෂවරයා විසින් සුඛාන්තයක් කරා ෙගන අාවක් වැනි විය. අදටත් හිතාගත ෙනාහැකි ෙලස අප දෙදෙනාට ඒක් වීමට වරම් උදාවිය. බුද්ධ ධර්මය ෙකෙරහිත් ෙදවියන් ෙකෙරහිත් තිෙබන්නා වූ විශ්වාසය අප හට පිහිට වූ බව තරෙය් විශ්වාස කරමු. 2008  .ෙදසැම්බර් මස 05 වන දින සවසක යුද්ධයක් ඒෙලසින් නිමා විය.

HAPPILY LIVED EVER AFTER !!!!!!!!!!!!!!!!!!!!!!!!

“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 09 කොටස
හිතට නිවනක්, හිසට සෙවනක්,……………………………………………

කෙනෙකුගේ අනාගතය ශක්තිමත් වන්නට නම් වර්තමානයේ දී ශක්තිමත් අඩිතාලමක් ගොඩ නැංවිය යුතුය. අඩිතාලම බොල් නම් ඒ මත ගොඩ නැගෙන අනාගතය වැල්ලේ තැනූ වැලි මාලිගාවක් වනවා නිසැකය. අප නිරතුරුව ම කල්පනාකාරී විය යුත්තේ එම අඩිතාලම සඳහා අප විසින් භාවිතා කරන්නට යන අමුද්‍රව්‍යන් පිළිබඳවය. අධ්‍යාපනය එක් තිරණත්මක සාධකයකි. අධ්‍යාපන තත්ත්වය මත තීරණය වන රැකියා තත්ත්වය ද අනාගතය ගොඩනැංවීමේ දී වැදගත් වන අමු ද්‍රව්‍යයකි.

පෙර මා පැවසූ පරිදි, පාසල් අධ්‍යාපනයෙන් පසුව අප දෙදෙනා යොමු වූයේ වෘත්තිය පුහුණුව හරහා යොමුවුනු අධ්‍යාපනය දෙසටය. ඒ මාවත ඔස්සේ වසර පහක් හයක් පමණ අපි ගමන් කළෙමු. අධ්‍යාපන තත්ත්වයේ නැග්මත් සමඟ අපගේ රැකියාවන් වඩා දියුණු අඩියකට පත් විය. එයට අමතරව අමතර ආදායම් මාර්ගයක් ද අප ඉදිරියේ විවෘත විය. නිවාස සැළසුම් නිමවීමත්, ඒවාට අදාළ ඇස්තමේන්තු සැකසීමත්, අප හට විවෘත වුනු අමතර ආදායම් මාර්ගයයි. දෙපස සිටින දෙදෙනෙකුට එවන් කාර්යයක් කාර්යක්ශමව කිරීමට අපහසු වුවද එම තත්ත්වයටද මුහුණ දෙමින් අපගේ කාර්යය කරගෙන යාමට අපට හැකිවිය.

ඒ අතරතුර අපගේ ම නිවසක් පිළිබඳ බලාපොරොත්තුවක් ද අප සිත්තුල කෙමෙන් කෙමෙන් පහළවිය. ‘මොන මොන බාධක පැමිණියත්, යම් දිනෙක අප දෙදෙන විවාහයකින් බැ‍ඳෙන්නේ අප දෙදෙනාටම නම්, අපගේම නිවසක් පිළිබඳ සිතන්නට අප හට බාධාවක් නොවේ’ යැයි අපි සිතුවෙමු. අනෙක් අතට අපගේම කියා නිවසක් ඇත්නම්, දෙමවිපිය ආශිර්වාදය ගැනීමට එයද උපකාරී වනු ඇතැයි මට සිතිණ. මෙහි දී කිව යුත්තක් ඇත. එනම් මෙම තීරණය අපට සාධාරණ වුවද ලොව සිටින සියලු පෙම්වත් යුවල හට සාධාරණ වේයැයි මම නොකියමි. ඉතාමත් තදබල විශ්වාසයක් මත මිසෙක මෙවන් තීරණයක් නොගත යුතු බව තරයේ පවසමි. එයට හේතුව වියදම් වන මුදල් හා ශ්‍රමය මත ගොඩ නැගෙන නිවෙස පිළිබඳ මිසෙක, යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් එම අලාභානිය ලබා ගන්නේ කෙසේ දැයි සිතමින් මෙවන් කාර්යයකට අත ගැසීම නොකල යුතු බැවිනි. ගෙදරින් ද තදබල ලෙස ප්‍රශ්න ඇතිව තිබූ මොහොතක මා ගන්නා ලද ඒකමතික තීරණය ගැන අද මා දෙමව්පියෝද සතුටු වෙති. එනමුදු යම් කෙනෙකු ගත් එවන් තීරණයක් වැරදී ගියේ නම්,………………………….  උපයා ගත් සියලුම ධනය අහිමිව, රැවටිල්ලට ලක්වීම නිසා උපදින ආත්මානුකම්පාවෙන් වෙලී, ජීවිතයම අඳුරු ආගාධයකට ගිලී යාම නොවැලැක්විය හැකිය. එබැවින් ඔබත් එවන් තීරණාත්මක තීන්දුවකට ඒමට සිටී නම් බොහෝ වාරයක්  සිතා බැලිය යුතු බව අවධාරණය කරමි.

2003 වසරේ දී මාගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදී ඔහුගේ මව ( ඈ මාගේ උපන් දිනය පිළිබඳ ව තබා මා පිළිබඳව වත් දැන සිටියේ නැත.) ඔහුට පර්චස් දහයක පමණ ඉඩමක් මිල දී ගෙන දී තිබුණි. මුලදී අප සිතුවේ එහි නිවස සාදන්නටය. එහෙත් ඔප්පුව හරි හැටි නොබැලීම නිසාවෙන්, එය මඩ ඉඩමක් ලෙස වරදවා වටහා ගැනීමෙන්, අපහට එහි නිවසක් තැනීමට බාධා ඇතිවිය. කෙසේ හෝ අවසානයේ තීන්දු වූයේ ඔහුගේ මහ ගෙදර ඉඩමේ නිවස සාදන්නටය.

අනතුරුව එළඹියේ නිවාස සැළසුම සකස් කිරීමේ කාර්යයයි. වෙනත් අයගේ නිවාස සැළසුම් වඩා ඉක්මනින් ලබා දීමට අපට හැකි වුවත් අපගේ නිවසේ සැළසුම නම් එසේ විගස නිමවා ගැනීමට අපට නොහැකි වූයේ ඒ පිළිබඳ අප ඕනෑ ප්‍රමාණයටත් වඩා කල්පනාකාරී වු නිසාවෙන් යැයි සිතමි. කෙසේ හෝ මාසයකට ආසන්න කාලයක් විවිධ වෙනස් කම් කරමින්, අලුත් දේ එක් කරමින්, සමහර දේ ඉවත් කරමින්, සැළසුම සමඟ ඔට්ටු වු අපි අවසානයේ අපගේ පුංචි මාලිගාව ගොඩ නැංවීමට නැකත් සෑදූවෙමු. 2007 වසරේ ජූනි 01 වන දා වැඩ ආරම්භ කිරීමට නැකත් ලැබුණු අතර ඒ වන විට මැයි මස අන්තිම සතිය උදා වි තිබිණ. අප දෙදෙනා සතුව තිබූ මුදල්ද ණය මුදල් මගින් සම්පාදනය කරගත් මුදල් ප්‍රමාණයක් ද මූලික වැඩ කටයුතු කර ගැනීමට අපට උපකාරී විය. ඔහුගේ නිවසින් ද අප හට ලැබුනේ නොමද සහයකි. ඔහුගේ අම්මා අප හට මුදලින් උපකාර වූවාය. අපගේ සේවාස්ථාන වෙතින්ද අප හට උපකාර ලැබිණ.

සමහර අවස්ථාවන් වලදී මාගේ සේවාස්ථානයේ මිතුරන් මා හට විහිළු කලේ, ‘කොල්ලා ගේත් හදාගෙන වෙන මනමාලියෙක් ගෙනෙයිද දන්නේ නැහැ නංගියේ’ කියමිනි. මම එවිට, “අනේ හොඳයි කාට හරි ඉන්න පැලක් හදලා දුන්නා කියලා සතුටු වෙනවා” කියමින් සිනාසෙමි. ඔව්, ඇත්තෙන් ම ඔවුනට එහෙම ඇත්තටම සිතුනා වුවද විය හැක. සමහර මිතුරු වෙසින් සිටියද එසේ නොවන්නෝ එහෙම වෙනතුරු බලා සිටියාද විය හැක. එය ලෝක ස්වභාවයයි. කෙනෙකු අනතුරක වැටෙනතුරු බලා සිට සිනහාසීමට සිටින්නෝ බොහෝය.  අප දැන ගත යුත්තේ අනතුරේ නොවැටී සිටින ආකාරයයි. අප අපගේ අනාගතය ගොඩ නගා ගන්නා අතරම ඒ අතරමග ඇති අනතුරු හඳුනාගෙන, ඒවායේ නොවැටී සිටීමටද වගබලා ගත යුතුය. ජීවිතය දිනාගන්නට අවදානම් දරා ගත යුතුබව සැබෑවකි. එනමුදු මුහුණ දෙන අවදාමනේ දිනුම අප වෙත නොවන බව දැනේ නම් වහා එයින් අත්මිදිය යුතුය. එය හදවතට දරා ගත නොහැකි වනු ඇත. එහෙත් එවන් අවස්ථාවන් වලදී බුද්ධියට ඉඩදී, හදවතට නිහඬව ඉන්නට අවධාරණය කල යුතුය. ඉහත ලිපි පෙළින් කියැවුනු, මා ගත් තීරණ හමුවේ මා වෙත කිසිම සැකයක් නොවූ නිසාවෙන් එම තීරණ ගැනීමට මම නොපසුබට වූයෙමි. එනමුදු සුළු හෝ සැකයක් මා වෙත වූයේ නම්, අපගේ සම්බන්ධය යන මාර්ගය දෙස බලා සිටිනවා හැර අනාගතය සකසන්නට මා උත්සහයක්වත් දරන්නේ නැත.

මට සිතෙන හැටියට නම් විවාහය, ආදරය, යනු අපි ජීවිතය පරදු තබා අල්ලන්නා වූ සූදුවකි. සූදුව දිනුවේ නම්, එය ජීවිතාත්තය දක්වා, සමහර විටෙක සසරාන්තය දක්වා දිනුවා වෙයි. එසේ නොවුනහොත් පරදු තැබුවේ ජීවිතය නිසාවෙන් සිදුවන පාඩුව මෙතෙකැයි කිව නොහැකි වනු ඇත. මා සිතනා පරිද්දෙන් අපි දෙදෙනාම එම සූදුව දිනුවෙමු. ඒ සසරාන්තය දක්වාම වේවා ! යන්න අප දෙදෙනාගේ ඒකායන පැතුමයි.

නිවස තවමත් නිමවා ඉවර නැත. එහෙත්, ‘වැස්සෙන්, අව්වෙන්, මුවා වී සිටීමට අපටම කියා පැලක් තිබෙන්නේ’ යැයි සිතීමත් හිතට ගෙන එන්නේ අස්වැසිල්ලකි. සැනසිල්ලකි. අප දෙදෙනා විවාහයෙන් පසුව එක් දිනක්වත් කුළී නිවසකවත්, දෙමව්පියන්ගේ නිවාසවලවත්, සිටියේ නැත. දෙවන දවසේ උත්සවයෙන් පසු අප ආවේ අපේම ගෙදරටය. මේ සියලු කාරණා නිසා, අපි අවිහිංසක ආඩම්බරයක් හිත දරාගත් සාඩම්බර ප්‍රේම වන්තයෝ වෙමු.

“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 08 කොටස
එළඹ සිටි අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීම ……

කුඩා කල සිට දෙමව්පිය සහෝදර ඇසුරේ හැදුනු වැඩුනු කෙනෙකු හට ආදරණිය සහකරුවෙකු හෝ ආදරණිය සහකාරියක මුණ ගැසුනු විට එතෙක් ගත කල ජීවිතය වෙනස් වන බව සැබෑවකි. එනමුදු ඔවුන් තවමත් සිය දෙමව්පිය සහෝදර සහෝදරියන්ගෙන් සැදුම් ලත් පවුලේ කොටසක් බව කිසි විටෙක අමතක කල යුතු නොවේ.

අද මා කුමක් කීවද මට නම් බොහෝ අවස්ථාවන් වලදී ඒ බව අමතක වූ බව සත්‍යයකි. එකල ලද හැම අවස්ථාවකදීම මා උත්සහ කලේ ඔහු හමුවිමටය. ගෙදර අවශ්‍යතාවකටවත් මා නිවසේ රදවා ගැනීම අම්මාට අසීරු කරුණක් විය. අප දෙදෙනාගේ නිවාඩු ද බොහෝ සෙයින් ඉතිරි වූයේ අසනීපයකටවත් ගෙදර නැවතීම ඉතාමත් කලාතුරකින් සිද්ධ වූවක් බැවිනි.

ඒ දිනවල අවුරුදු නිවාඩුවට හෝ වෙනත් අවශ්‍යතාවකට ගමේ යෑම මට මහ කරදරයක්විය. එයට හේතුව ගමේ ගියහොත් නැවත පැමිණෙන්නේ සතියකට දෙකකට පසුව වීමය. පසුගිය අවුරුද්දේ අවුරුදු නිවාඩුවට තාත්තා කොළඹ සිටියදී අම්මාත්, මාත්, නංගිලා දෙදෙනාත් දුම්රියෙන් බණ්ඩාරවෙල ගියෙමු. යාමට පෙර මා සැමියා, (එවිට සැමියා නොවේ) මාගේ සේවාස්ථානයට පැමිණ, මාත් සමග ගොස්, මට ගෙන යාමට අවශ්‍ය ව තබූ දේ කිහිපයක් නුගේගොඩින් අරන් දුන්නේය. ඉන්පසු අප දෙදෙනා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අතර ඒ එන අතරතුර ‘අයියෝ මට යන්න බැහැ’ කියමින් දෙනෙතින් මෙන්ම නහයෙන්ද හඩමින් පැමිණියෙමි. ඊට පෙර අවස්ථාවකදීද (එවිට මෝටර් සයිකලය නොවීය) ඒ ආකාරයටම නුගේගොඩ සිට කොටුව දුම්රිය ස්ථානයට බසයෙන් එන අතරතුර ඉතාමත් ‍බොලඳ ලෙස හඬමින් පැමිණි බවක් මතකයේ තිබේ. “ඇයි මේ අඬන්නේ? ෆෝන් එක තියෙනවානේ. කෝල් කරන්න පුළුවන්නේ ඕන වෙලාවක” කියමින් ඔහු මා අස් වැසුවේය. (ඒ කෙසේ වුවද මා කිසිම පැකීලීමකින් තොරව ම ඒ ගමන ගියේ නම් ඔහු ඒ ගැන පුදුම වන බවද දනිමි.)

මුළු ගමන පුරාම හිත් වේදනාවෙන් යුතුව කල්පනා කරමින් ගියෙමි. අම්මා, නංගිලා සිටියාට මට ඒ මදි විය. වරින් වර දුරකථන ඇමතුම් ලදිමි. මාද දුරකථන ඇමතුම් දුනිමි. කෙසේ ‍හෝ හිමිදිරි පාන්දර වන විට අපි බණ්ඩාරවෙලට සේන්දු වී සිටියෙමු. මාමාගේ නිවස පිහිටා තිබූ ස්ථානයට දුරකථන සංඥා හරි හැටි ක්‍රියාත්මක නොවුනේ කදු වලින් වටවි ඇති නිසාය. ඒ තවත් හිත් අමාරු වැඩි කරවන්නක් විය. කෙසේ හෝ සම්බන්ධ කරගත්තද කථා කරනවාට වඩා හැඬූ බව අද සිහිකරන්නේ මද ලජ්ජාවකිනි. දින දෙකක් යන විට මා හට උණ ගැණින. වෙනදා සීතලේ, පින්නේ, දෙසැම්බර් මාසයේදී පවා මද සෙම්ප්‍රතිශ්‍යාවක්වත් නොමැතිව ගමේ ගත කර ඇති මට මෙවර ගැණුනේ නම් ආදර උණ බව මා හට වැටහිණ. කෙසේ හෝ මා නිසා අනෙක් අයටත් යන්නට සිටි ගමන් අහිමි විය. උණ තත්ත්වය නිසා, නිවාඩුව අවසන් වනතුරු අවදි වූ වේලේ පටන් නිදා ගනිමින් ගත කරන්නට මා හට සිදු විය. ඇත්ත වශයෙන්ම මා සාංකා තත්ත්වයෙන් පෙළුනු බව වටහා ගත්තේ ගමේ සිට කොළඹ පැමිණ ඔහු හමු වු මොහොතේය. එය වටහා දීමට ද අපහසු තත්ත්වයකි.

ඔය ආකාරයෙන් නිවසේ අය සමඟ විනෝද චාරිකාවක් ගියද, මා හට නම් විනෝදයක් නොවිනි.

ඇත්තටම අප හැසිරිය යුත්තේ ඒ ආකාරයටද? …………………………………..

සිතා මතා ඇති කර ගත් තත්ත්වයක් නොවූවද, අවශ්‍ය වූයේ නම් එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි මා හට දැන් සිතේ. මනෝ පුබ්බංග මා ධම්මා …………………………. යනුවෙන් කියැවෙන බුදු වදන සනාථ කරමින් එම තත්ත්වයට හේතුව හුදෙක් මගේම සිත පමණක් බව මේ වන විට මට අවබෝධ වී ඇත. පෙර, මේ ලිපිය ආරම්භයේ දී මා පැවසූ පරිද්දෙන්ම අප උපන් දා සිට මියයනතුරු ම විවිධාකාර සමාජ කොටස් වලට හෝ විවිධාකාර තනි පුද්ගලයන් හට අඩු වැඩි වශයෙන් සම්බන්ධකම් වලින් බැ‍ඳේ. ඒ ඒ කොටස් වලට ඒ ඒ අවස්ථාවේදී අපෙන් විය යුතු කොටස සිද්ධ නොවූයේ නම් එහිදී ඇති වන්නේ ගැටළුකාරී තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් ගත් කල රැකියාව කරන අවස්ථාවේදී නිවස ගැන සිත සිතා සිටීමත් නිවසේදී රැකියාවේ කටයුතු ගැන සිත සිතා සිටීමත් ඒ ස්ථාන දෙකෙහිම කටයුතු අඩාල කිරීමට හේතු විය හැක.

මව්පිය සහෝදර සහෝදරියන් සමඟ ගත කරන කාලය ඔවුන් සමඟ උපරිමයෙන් සතුටින් ගත කල යුතු බව මගේ දැන් හැඟීමයි. අප ඔවුන්ගේ සමාජයේ කොටසකි. අපගේ ආදරය, කරුණාව, බැඳීම ලබන්නට ඔවුනට අයිතියක් ඇත. ඒ දේ ලබා දීමට අප හට වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇත. යම් හෙයකින් අපගේ අම්මා හෝ තාත්තා අපව නොසලකා හැර වෙනත් වෙනත් දේ ගැන සිතමින් සිටින්නට පටන් ගත්තා නම් මේ තත්ත්වයේ ඇති බැරෑරුම් බව අප හට මොනවට පැහැදිලි වනු ඇත. අපට ඇති සමාජ සම්බන්ධතා කුලක වශයෙන් ගතහොත් අප සිටින්නේ කුලක ඡේදනයේ බව පෙනී යයි. එසේ නම් අපට එක් කුලකයකට කොටු වී සිටිය නොහැක. ඒ ඒ කුලකය තුල අපගේ කාර්යය භාරය වටහාගෙන ක්‍රියා කිරීම වඩාත් ම සුදුසු දෙයයි.

මේ බව මට දැන් වඩාත්ම පැහැදිලි වී ඇත. මම දැන් විවාහක කාන්තාවක් වෙමි. මාගේ ගමන් බිමන් සියල්ල සැමියා හා බැ‍ඳේ. එබැවින් දැන් මා හට පෙර සිටි නිදහස් කිරිල්ල, අම්මාගේ තාත්තාගේ දියණිය, නැගණියන්ගේ අක්කා වශයෙන් ඔවුන් හා තනිව දුර ගමන් යා නොහැක. එසේ යතොත් එයින් සිදුවන්නේ විවාහ ජීවිතයට නොගැලපෙන දෙයකි. අනෙක් අතට එකල විඳින්නට තිබූ යම් යම් දේ මා අතින් ‍මා නොදැනුවත්වම ගිලිහී ඇති බව දැන් දැන් මට පසක් වෙයි. ඒ අවස්ථාවේදි ඔවුන් සමඟ සිංදුවක් කියා සතුටින් ඒ ගමන් ගියේ නම් මා එකල ගතකල යුතු ආකාරයට ගතකල බව සිතා මා හට දැන් සතුටු විය හැක. ඇත්තටම, ‘ආයේමත් කිසිමදාක ඔවුන් සමඟ එවන් ගමන් යාමට මා හට නොහැකිය’ යන සිතුවිල්ල දැන් මා සිත පාරවයි. මට එවන් ගමනක් යාමට අවශ්‍යතාවක් ඇති වුවහොත් මා සැමියා මා එයින් වළක්වන්නේ නැත. එනමුදු එදා සිටි මා නොවෙයි අද සිටින්නේ. එදා සිටි තත්ත්වයෙන් එයට සහභාගී වන්නට අද මට හැකියාවක් නැත. මට පෙරට වඩා දැන් වගකීම් යුතුකම් තිබේ. ඇත්තටම දැන් ඔහු මා හට යාමට අවසර දුන්නද, නොයන තත්ත්වයක මම සිටිමි. එනමුදු අහිමි කරගත් අවස්ථාවන් පිළිබඳ සිහින් සංවේගයක් එවන් අවස්ථාවන් සිහිවන විට මා සිත පෙළයි.

එබැවින් එළඹී අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීමට පුරුදු වීම ඉතාමත් වැදගත් කාරණාවකි. කාලයෙන් කාලයට ස්වභාව ධර්මයා විසින් අප වෙත ලං කරනා පුද්ගලයන් සහ සමාජ ‍කොට්ටාශ සමගින් ඒ ඒ අවස්ථාවට උචිත වන පරිදි කටයුතු කිරීම, සියලු සමාජ සම්බන්ධතා යහපත් අයුරින් පවත්නා ගෙන යාමට අප හට මහඟු උපකාරයක් වනවා මෙන්ම අපට පසුතැවිලි නොවී සතුටු සිතින් අනාගතයට මුහුණ දීමට මග ද පාදයි.